ගීතයක අරුත - Geethayaka Arutha (The Real Meaning of a Song)

 දියවන්නා කුමාරියේ - Diyawanna Kumariye

නාද සංගීත කණ්ඩායම මගින් නිර්මාණය කරන ලද "දියවන්නා කුමාරියේගීතයේ ඇති අරුත එහි මතුපිට පෙනෙන පද මාලාවෙන් ඔබ්බට විහිදේ. 

එහි මුලික වශයෙන් රට මුහුණ පා ඇති ඛේදනීය ඉරණම සහ පාලක පැලැන්තියේ අදුරදර්ශී ක්‍රියාවන් ගැන මනාව විස්තර කරනු ලබයි.

"දියවන්නා කුමාරියේ
නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පළුව එබෙනවා"

දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ ගාව ඉන්න රට පාලනය කරන උදවිය සද්ද නැතුව මර නින්දේ රට පාලනය කරනකොට සද පළුව උදවිය ඇවිත් රට අයිති කරගන්න හදනවා.

"හීන පේන සීනීබෝල
තක්ශීලාව වටකරලා
මගේ පුතා අකුරු කරනවා"

වර්තමානයේ මත්ද්‍රව්‍ය, මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙන අන්දම පැහැදිලි කරයි. පාසල් දරුවන්ට මුහුණ දීමට සිදුවී ඇති කටුක යථාර්තය මධ්‍යයේ ඉගෙනීම සිදු කරන්න වී තිබෙනවා.

"සුවට නිදන්නේ 
සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා"

හීන පිරුණු ලෝකයක මෙම පාලකයන් සුවසේ නිදද්දී, ෆැන්ටසි හීන වලට රැවටුණු රටේ ජනතාව වහල්ලු සේ දුශිත දේශපාලකයන්ට ආවඩනව. ඔවුන්ව ආරක්ශා කරනවා.

"හුස්ම බෙදන රූස්ස ගස්
යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා"

සොබාදහමෙහි හදවත බඳු වනාන්තර පරිමාණයෙන් කපලා විනාශ කරලා මුදල් හම්බ කරන අතරම, ගිවිසුම් ගහලා කොමිස් ගහලා වනාන්තර විනාශ කරන්න අවසර ලබා දෙනවා. පස්සේ බොන්න වතුර කලඳක් නැති උනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න පිරිසිදු වාතය නැති උනාම එහෙම උනේ ඇයි කියල ඒවාට හේතු හොයනවා.

"දළ දිලිසෙන හස්ති රජුන්
හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා"

රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා මුදල් වලට ඇති කෑදර කමට සහ රටේ පාලකයන්ගේ අපල දුරු වෙලා ස්වර්ගයට යන්න.

"පත්තිනියේ නුබ නාඩන්
ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසිය රජුන් තතනවා"

දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට විදෙශ විනිමය උපයලා දෙනකොට ඒ මුදල් වලින් රටේ පාලකයන් රජුන් වගේ බැබලෙනවා. පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින් මේ වෙන දේවල් දිහා බලන්.

"රේණු තලා මල්ද තලා
තෙල් මල් ගෙන දෝත පුරා
නිවන් යන්න පාර අහනවා"

ස්ත්‍රී දුෂණ ළමා අපචාර  කරලා, කුඩු විකුණලා, පීඩිතයාව තව තවත් පීඩාවට පත් කරලා, රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොදන්නා ගානට තෙල් මල් අතින් අරගෙන සුදු ඇඳගෙන පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා.

** සැ. යු: මෙය ගීතයේ පද මාලා අතරින් කරනු ලබූ ස්වාධීන විචාරයක් වන අතර ගීතයේ නිමිත්ත සහ රචකයාගේ විචාරය පිලිබඳ වගකීමකට නොබැඳේ.   

Comments

Popular posts from this blog

ක්‍රෙඩිට් කාඩ් පතක පොළිය ගණනය කරන්නේ කෙසේද? | How Is Credit Card Interest Calculated?