ක්‍රෙඩිට් කාඩ් පතක පොළිය ගණනය කරන්නේ කෙසේද? | How Is Credit Card Interest Calculated?

ක්‍රෙඩිට් කාඩ් පතක පොළිය ගණනය කරන්නේ කෙසේද?

ක්‍රෙඩිට් කාඩ් පතක ගනුදෙනු සැකසීමේ දිනයේ සිට පොළිය ගණනය කිරීමට පටන් ගනී.

මාසික ප්‍රකාශනය අනුව ගෙවිය යුතු මුළු මුදල නියමිත දිනට හෝ ඊට පෙර 100% ක් පියවා ඇත්නම් කාඩ්පත් හිමියා කිසිදු පොළියක් සඳහා බැඳී නොමැත. (කිසිඳු පොළියක් අය නොකරයි)

නියමිත දිනට පසු කාඩ්පත් හිමියා සම්පූර්ණ ගෙවීමක් කරන්නේ නම්, ප්‍රමාද වී ගෙවීමේ ගාස්තුවට අමතරව පොළිය සඳහා බැඳී සිටී. (පොළිය සහ ප්‍රමාද ගාස්තු අය කරයි)

හිඟ මුදල් අර්ධ වශයෙන් පියවා ඇත්නම් (සම්පූර්ණ ගෙවීම -100% සහ අවම ගෙවීම - 5% අතර) නියමිත දිනට හෝ ඊට පෙර කාඩ්පත් හිමියා දෛනික පදනමින් ගණනය කරනු ලබන ඉදිරියට ගෙන යන ශේෂය සඳහා පොළිය සඳහා බැඳී සිටී. (පොළිය අය කරයි  නමුත්  ප්‍රමාද ගාස්තු අය නොකරයි)

ගෙවීම අවම ගෙවීමට වඩා අඩු නම් කාඩ්පත් හිමියා ප්‍රමාද වී ගෙවීමේ ගාස්තු සමඟ පොළිය ගෙවීමට බැඳී සිටී. (පොළිය සහ ප්‍රමාද ගාස්තු අය කරයි)

ගෙවිය යුතු දිනය බිල් කිරීමේ ප්‍රකාශන දිනයේ සිට දින 21 කට පසුව වේ. 

කෙසේ වෙතත් එම දිනය නිවාඩු දිනයකට හෝ සති අන්තයකට වැටේ නම් ගෙවිය යුතු නියමිත දිනය ඊළඟ වැඩ කරන දිනට ගෙන යනු ලැබේ.


How Is Credit Card Interest Calculated?

Interest will commence to accrue from the transaction processing date.

If the total outstanding as per the statement is settled 100% on or before the due date cardholder is not liable for any interest. (Not liable to any interest)

If the cardholder makes full payment after the due date he is liable for interest in addition to late payment fee. (Liable to interest and late payment fee)

If the outstanding is partly settled (with an amount between full payment -100% and the minimum payment- 5%) on or before the due date cardholder will be liable for interest on the carried forward balance calculated on a daily basis. (Liable to interest and no late payment fee)

If the payment made is below the minimum payment required cardholder is liable to pay interest together with the late payment fees. (Liable to interest and late payment fee)

Payment due date is after 21 days of the billing date.

However subject to such date falling on a holiday or a weekend. In this instance the due date will be moved to the next working day.

Comments

Popular posts from this blog

ගීතයක අරුත - Geethayaka Arutha (The Real Meaning of a Song)