Posts

ගීතයක අරුත - Geethayaka Arutha (The Real Meaning of a Song)

Image
 දියවන්නා කුමාරියේ - Diyawanna Kumariye නාද සංගීත කණ්ඩායම මගින් නිර්මාණය කරන ලද " දියවන්නා කුමාරියේ "  ගීතයේ ඇති අරුත එහි මතුපිට පෙනෙන පද මාලාවෙන් ඔබ්බට විහිදේ.  එහි මුලික වශයෙන් රට මුහුණ පා ඇති ඛේදනීය ඉරණම සහ පාලක පැලැන්තියේ අදුරදර්ශී ක්‍රියාවන් ගැන මනාව විස්තර කරනු ලබයි. "දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා" දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ ගාව ඉන්න රට පාලනය කරන උදවිය සද්ද නැතුව මර නින්දේ රට පාලනය කරනකොට සද පළුව උදවිය ඇවිත් රට අයිති කරගන්න හදනවා. "හීන පේන සීනීබෝල තක්ශීලාව වටකරලා මගේ පුතා අකුරු කරනවා" වර්තමානයේ මත්ද්‍රව්‍ය, මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙන අන්දම පැහැදිලි කරයි. පාසල් දරුවන්ට මුහුණ දීමට සිදුවී ඇති කටුක යථාර්තය මධ්‍යයේ ඉගෙනීම සිදු කරන්න වී තිබෙනවා. "සුවට නිදන්නේ  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා" හීන පිරුණු  ලෝකයක  මෙම පාලකයන් සුවසේ නිදද්දී, ෆැන්ටසි හීන වලට රැවටුණු රටේ ජනතාව වහල්ලු සේ දුශිත දේශපාලකයන්ට ආවඩනව. ඔවුන්ව ආරක්ශා කරනව...

ක්‍රෙඩිට් කාඩ් පතක පොළිය ගණනය කරන්නේ කෙසේද? | How Is Credit Card Interest Calculated?

Image
ක්‍රෙඩිට් කාඩ් පතක පොළිය ගණනය කරන්නේ කෙසේද? ක්‍රෙඩිට් කාඩ් පතක ගනුදෙනු සැකසීමේ දිනයේ සිට පොළිය ගණනය කිරීමට පටන් ගනී. මාසික ප්‍රකාශනය අනුව ගෙවිය යුතු මුළු මුදල නියමිත දිනට හෝ ඊට පෙර 100% ක් පියවා ඇත්නම් කාඩ්පත් හිමියා කිසිදු පොළියක් සඳහා බැඳී නොමැත. (කිසිඳු පොළියක් අය නොකරයි) නියමිත දිනට පසු කාඩ්පත් හිමියා සම්පූර්ණ ගෙවීමක් කරන්නේ නම්, ප්‍රමාද වී ගෙවීමේ ගාස්තුවට අමතරව පොළිය සඳහා බැඳී සිටී.  (පොළිය සහ ප්‍රමාද ගාස්තු අය කරයි) හිඟ මුදල් අර්ධ වශයෙන් පියවා ඇත්නම් (සම්පූර්ණ ගෙවීම -100% සහ අවම ගෙවීම - 5% අතර) නියමිත දිනට හෝ ඊට පෙර කාඩ්පත් හිමියා දෛනික පදනමින් ගණනය කරනු ලබන ඉදිරියට ගෙන යන ශේෂය සඳහා පොළිය සඳහා බැඳී සිටී.  (පොළිය අය කරයි   නමුත්    ප්‍රමාද ගාස්තු  අය නොකරයි ) ගෙවීම අවම ගෙවීමට වඩා අඩු නම් කාඩ්පත් හිමියා ප්‍රමාද වී ගෙවීමේ ගාස්තු සමඟ පොළිය ගෙවීමට බැඳී සිටී.  (පොළිය සහ ප්‍රමාද ගාස්තු අය කරයි) ගෙවිය යුතු දිනය බිල් කිරීමේ ප්‍රකාශන දිනයේ සිට දින 21 කට පසුව වේ.  කෙසේ වෙතත් එම දිනය නිවාඩු දිනයකට හෝ සති අන්තයකට වැටේ නම් ගෙවිය යුතු න...